පළතුරු ටොනික්

හැඳින්වීම

පලතුරු ටොනික් යනු පලතුරු යොදා ගනිමින් නිපදවා ගන්නා ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණයකි. මෙය භාවිතා කිරීමෙන් පසේ රසායනික හා ජෛවී ලක්ෂණ කෙටි කලකින් වැඩි දියුණු කර ගත හැක. මෙම ද්‍රවණය පත්‍ර මත ඉසීමෙන් ශාඛ වර්ධනය හා ඵලදාවද ඉහළ යයි.


  1. මුඩිය තදින් වැසිය හැකි ප්ලාස්ටික් භාජනයක් හෝ කුඩා බැරලයක්.
  2. ඉදුණු ගස්ලබු : කිලෝ ග්‍රෑම් 03
  3. ඉදුණු කෙසෙල් ගෙඩි : කිලෝ ග්‍රෑම් 03
  4. හොදින් පැසුණු වට්ටක්කා : කිලෝ ග්‍රෑම් 03
  5. සක්කර හකුරු : කිලෝ ග්‍රෑම් 03
  6. බිත්තර : 02
  7. ජලය : ලීටර් 10




සාදා ගන්නා පිළිවෙළ

  1. ඉදුණු ගස්ලබු, කෙසේල් ගෙඩි සහ වට්ටක්කා ඉතා කුඩා කැබලිවලට කපා බඳුනට දමන්න. එම බඳුනටම කුඩු කරගත් සක්කර හකුරු , බිත්තර සහ ජලය එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. ඉන්පසු භාජනයේ කට තදින් වසා දින 45 පැසෙන්න තබන්න.
  3. දින 45 කට පසු ද්‍රවණය පාවිච්චියට සුදුසුය. එය කපු රෙදි කඩකින් පෙරා පාවිච්චියට ගත යුතුය.
  4. මෙම පළතුරු ටොනික් ද්‍රාවණය ලීටර් එකකට වතුර ලීටර් 20 මිශ්‍ර කර බෝග වගාවට යොදා ගත යුතුය

භාවිතය හා ප්‍රයෝජන

  • පසේ සාරවත් බව වැඩි කරයි.
  • පසේ ක්ෂුද්‍ර ජීවී සංඛ්‍යාව සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිකරයි.
  • පාංශු සත්කාරයක් ලෙස ක්‍රියාකාරියි.
  • බෝගවල වර්ධනය හා අස්වැන්න වැඩි කරයි.
  • බෝගවල රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩිකරයි.
  • පලිබෝධකයින් පලවා හරියි.