සරුසාර ගොවි බිමකට සත්ත්ව පොහොර

හැඳින්වීම

සතුන්ගේ අපද්‍රව්‍ය වලින් සමන්විත පොහොර සත්ව පොහොර ලෙස හැදින්වේ. සතුන්ගේ අපද්‍රව්‍ය ඔවුන් විසින් ආහාරයට නොගත් ඉතිරි වූ කොටස් මිශ්‍ර වූ පොහොර ගොවිපල පොහොර ලෙස හැදින් වේ .

වියලි ආකාරයෙන් ඍජුවම පසට

  • වියලි ගොම
  • එළු පොහොර
  • ගොවිපල් පොහොර
  • දිරාගිය ලෙයෙර් කුකුල් අතුරනු

කොම්පෝස්ට් සදහා අමුද්‍රව්‍ය ලෙස

  • අමු ගොම
  • ගව මුත්‍ර
  • එළු පොහොර
  • දබෝඉලේර් කුකුල් අතුරනු

ජීව වායු ඒකක

  • ජීව වායු ලබාගත් පසු ඉවත් කරනු ලබන තරලය

කාබනික පලිබෝද නාශක හා දියර පොහොර ලෙස

  • අමු ගොම
  • ගව මුත්‍ර



කොම්පෝස්ට් සැකසීමේදී අමුද්‍රව්‍යක් ලෙස සත්ව පොහොර එක්කිරීමෙන්,

  • බෝගවලට අවශ්‍ය ප්‍රදාන මෙන්ම ශුද්‍ර පෝෂක වර්ග වලින් සමන්විතය.
  • කොම්පෝස්ට් ගොඩෙහි ඇති ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මගින් කොම්පෝස්ට් සැකසීමේ ක්‍රියාවලිය ඉක්මන් වේ.
පොහොර වර්ගය නිට්‍ර්ගෙන් පොස්පරස් පෝටචියම්
ගොම 1.7 0.7 0.8
කුකුල් පොහොර (ලේයෙර් ) 2.3 1.3 2.2
කුකුල් පොහොර (බ්රොඉලෙර් ) 2.2 0.9 1.9




සත්ව පොහොර ගොඩබිමට යොදන අයුරු

වියලි ගොම පොහොර යෙදීමට පෙර ගොඩගසා හොදින් වතුර යොදා විනිවිද පෙනෙන පොලිතින් කොළයකින් හොදින් වස හිරු එලියට නිරාවරණය වන ලෙස දින 5 ක් පමණ තබන්න.මෙම මගින් ගොමපොහොර වල ඇති බවර්දනය කර ගත හැක .ඊට පසුව වගාවට යොදා ගත හැක.

කුකුල් පොහොර

  • ලේයෙර් කුකුල් පොහොර හා බෝඉලේර් කුකුල් පොහොර ලෙස අකාර 2කි .
  • ලේයෙර් කුකුල් පොහොර කුකුල් කොටුවෙන් ඉවත්කල වහාම බෝග වලට දීම සිදු කල යුතුවේ .
  • කුකුල් කොටුවෙන් ඉවත්කල වහාම හෝ දිරන ලද කුකුල් අස්තරන කොම්පෝස්ට් සකස් කිරීම සදහා බාවිතා කල හැක .



අමු ගොම බාවිතා සකසා ගත හැකි දියර පොහොරක්.

ජලය : ලීටර් 100
ග්ලිරිසීඩියා කොල : කිලෝ ග්‍රෑම් 25
මුරුංගා කොල : කිලෝ ග්‍රෑම් 1/2
අමු ගොම : කිලෝ ග්‍රෑම් 10
වෙනත් කොළ : කිලෝ ග්‍රෑම් 5
පස් මිටක්

සාදන ක්‍රමය:

  • ඉහත සාදන සියලු ද්‍රව්‍ය බැරලයකට දමා දිනපතා විනාඩි 5 බැගින් කලතමින් දින 14 යනතුර පදම් බ්වීමට ඉඩ හරින්න
  • ඊට පසු මිශ්‍රණය පෙරා මිශ්‍රණය කොටස් 1 කට ජලය කොටස් 3ක් වන ලෙස එක් කරන්න
  • එලෙස සකස් කරගත් ද්‍රවණයේ ලීටර් 10ට සබන් ග්‍රාම් 100 ක් දියකර සවස් වරුවේදී ඉසින යන්ත්‍රයක් බාවිතයෙන් බෝගයට යොදන්න