දහයියා අඟුරු භාවිතය

හැඳින්වීම

සහල් නිපදවීමේ දී ඉවත් වන දහයියා පාලිත තත්ත්වය යටතේ අර්ධව දහනය කර ගැනීමෙන් දහයියා අඟුරු සකස් කර ගනු ලැබේ.





දහයියා අඟුරු භාවිතයේ ඇති වාසි.

  1. ශාකයේ වර්ධනයට අවශ්‍ය පෝෂක හා ජලය රදවා තබාගන්නා මාධ්‍යක් ලෙස ක්‍රියා කරමින් පෝෂක අපතේ යාම මඟහරවයි.
  2. දහයියා අඟුරුවල සිලිකන් නම් වූ ශාක පෝෂකය බහුලව අඩංගු වේ.
  3. සිලිකන් පෝෂකය මඟින් ශාකයේ දැඩි බව වැඩි වන අතර , මේ නිසා රෝග පලිබෝධ හානි අවම වේ.
  4. මුල්වල වර්ධනයට අවශ්‍ය මෘදු බවක් පසට ලබාදෙන බැවින් හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් සහිත ශාකයක් ලැබේ.
  5. දහයියා අඟුරු මඟින් පසේ ජල වහනය වැඩි දියුණු කරයි.
  6. ලවණතාවය මෙන්ම යකඩ විෂවීම වළක්වා ගැනීමට එම ගැටලු පවතින ක්ෂේත්‍රවලට දීමට යෝග්‍ය වෙයි.

දහයියා අඟුරු සකස් කිරීම


මේ සඳහා ක්‍රම 02ක් යොදාගත හැක

කුන්තාන් චිමිනි ක්‍රමය

ගොඩ ක්‍රමය

කුන්තාන් චිමිනි ක්‍රමය

  1. නොදිරන ලද බැරලයක් ගෙන රූප සටහනේ පරිදි දුම් බටයක්, බැරලයේ පතුලට සිදුරක් සදා වෙල්ඩින් කරගන්න. බැරලයේ තැනින් තැන සිදුරු කරගෙන කුන්තාන් චිමිනියක් සාදාගන්න.
  2. වියළි දර, පොල්කටු කිහපයක් යොදාගෙන කුඩා ගිනි ගොඩක් සාදා ගන්න. ගින්න හොඳින් ඇවිලෙන විට එම ගිනි ගොඩ වැසෙන පරිදි කුන්තාන් චිමිනිය ගඩොල් කැට කිහිපයක් මත තබන්න.
  3. කුන්තාන් චිමිනිය වැසී යන පරිදි දහයියා ගොඩගසන්න.
  4. සාමාන්‍යයෙන් පැය 4ක් පමණ ගත වූ පසු දහයියා ගොඩ තැනින් තැන කළුපාට ලප දැකිය හැක. එම ස්ථානවලින් ගින්දර පිටතට පෙර දහයියා ගොඩේ ඇති නොපිලිස්සුනු දහයියා මගින් වසා දමන්න. ඒ සඳහා සවලක් / උදැල්ලක් වැනි උපකරණයක් භාවිතා කිරීම වැදගත් වනු ඇත.
  5. පැය 6 කට පමණ පසු ප්‍රවේශමෙන් උදැල්ලකින් හෝ උපකරණයකින් කුන්තාන් චිමිනිය වටේ ඇති දහයියා ඉවත් කර කුන්තාන් චිම්නිය ඉවත් කරන්න.
  6. දහයියා ගොඩ මැද ඇති ඉතිරි සුන්බුන් ඉවත් කර අර්ධ දහනයට ලක් වූ දහයියා තවදුරටත් දහනය වීම වැලැක්වීමට වතුර යොදා නිවා ගන්න.
  7. මේ මොහොත වන වට සියලුම දහයියා කළු පාටට හුරු අඟුරු බවට පත් වී තිබිය යුතුය. කිසි විටකත් රත් වූ බැරලය මතට වතුර යෙදීම නොකළ යුතුය.




ගොඩ ක්‍රමය

  1. වියළි ස්ථානයක දහයියා ගොඩ ගසන්න.
  2. දහයියා ගොඩේ මුදුනේ වලක් සකසා ඒ තුළ හොඳින් ගිණි අවුලන ලද පොල්කටුවක් තබා දහයියා වලින් වසා දමන්න.
  3. පැය 4ක් පමණ ගතවන විට දහයියා ගොඩ මතුපිට ඇතිවන කළු පාට ලප නොපිලිස්සුනු දහය මගින් වසා දැමිය යුතුය.
  4. පැය 6කට පසු සියළු දහයියා කළු පැහැ ගැන්වෙමින් පවතිනු ලැබේ. මේ අවස්ථාවේ දී තවදුරටත් නොපිලිස්සුනු දහයියා ඇත්නම් ඒවා උදැල්ලක් හෝ සවලකින් හොඳින් කලවම් කරන්න. ඊටපසු වතුර ඉසිමින් අර්ධ ලෙස දහනය වූ දහයියා තවදුරටත් දහනය වීම වලක්වා ගන්න
  5. ප්‍රයෝගිකව මෙලෙස දහයියා අඟුරු නිපදවීමේදී සවස 5 ට පමණ දහයියා ගොඩට ගිනි තැබීමෙන් පසුව ඔබට උදේ 6 ට පමණ දහයියා ගොඩ පහසුවෙන් නිවා ගත හැකි වනු ඇත.
  6. දහයියා අඟුරු කිලෝ ග්‍රෑම් 250ක් නිපදවීමට වියළි දහයියා කිලෝ ග්‍රෑම් 700 ක් පමණ අවශ්‍යවේ. අසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 60 යුරියා උරයකට වියළි දහයියා කිලෝ ග්‍රෑම් 10ක් පමණ පිරවිය හැක. එවැනි උර 5 කින් අවශ්‍ය දහයියා අඟුරු ප්‍රමාණය නිපදවා ගත හැක.

එළවලූ වගාව සඳහා දහයියා අඟුරු යෙදීම

  1. වලවල් සකස් කරන අවස්ථාවේ දෝතක් බැගින් වළවල්වලට එක්කර පසට කවලම් කිරීම සිදු කරයි.



බෝග වගාව සඳහා ජීව අඟුරු භාවිතය

හැඳින්වීම

සහල් නිපදවීමේ දී ඉවත් වන දහයියා පාලිත තත්ත්වය යටතේ අර්ධව දහනය කර ගැනීමෙන් දහයියා අඟුරු සකස් කර ගනු ලැබේ.