වගා බිමට කොළ පොහොර භාවිතය

හැඳින්වීම

ගොවි බිම සාරවත් කිරීමටත් , සාරවත් බව තිරසරව පවත්වා ගැනීමටත් කොළ පොහොර යෙදීම බොහෝසේ යින් උපකාරී වේ.

කොළ පොහාර

  • ඉක්මණින් දිරාපත් වන කොළ පැහැයෙන් යුත් ශාක පත්‍ර හා ළපටි දඬු ආදිය කොළ පොහොර ලෙස හැදින්වේ.

කොළ පොහොර සඳහා සුදුසු ශාකවල ලක්ෂණ

  • වැඩි කොළඳාවක් සහිත කප්පාදුවෙන් පසු ඉක්මණින් වර්ධනය වන ශාක
  • කාබන් : නයිට්‍රජන් අනුපාතය අඩු රනිල කුලයේ ශාක වඩාත් සුදුසුය. කාබන්, නයිට්‍රජන් අනුපාතය අඩුවීම යනු අඩංගු නයිට්‍රජන් ප්‍රමාණය වැඩි බවයි. එවැනි ශාක කොටස් ඉක්මණින් දිරාපත් වේ.

කොළ පොහොර ලෙස බාවිතයට සුදුසු ශාක වර්ග සහ ඒවායේ පෝෂණ සංයුතිය

Statement Summary
ශාක වර්ගය නිට්‍රිගෙන් පොස්පෙරස් පොටචියම් කාබන් නිට්‍රිගෙන් අනුපාතය
ගිලිසිදිය 4.2 0.3 2.1 12
එරබදු 4.0 0.3 2.4 14
වල් සුරියකාන්ත 4.7 0.4 3.2 14
ගන්සුරිය 3.4 0.3 2.2 14
සන්හෙම්ප් 2.9 0.9 0.7 16
වරා 3.8 0.3 3.4 11
පැණි තොර 4.9 0.2 1.8 12
පිල 3.7 0.2 1.7 11
කැපෙටිය 3.5 0.3 2.1 15
තෙල් කැකුන 2.3 0.1 0.6 19

ඉහත ශාක වර්ගයන්ට අමතරව කොළ පොහොරක් වශයෙන් අතර මැද කන්නයන්හි වගාව සදහා ආහාරමය රනිල බෝග (උදු ,මුං ,කවුපි ) යොදාගත හැකිය .





කොල පොහොර බාවිතා කිරීමේ වැදගත්කම

  • පසේ සිටින ශුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම
  • පසට පෝෂ එකතු කීරිම
  • පහසුවෙන් සපයා ගත හැකි
  • ඉක්මනින් දිරාපත් වීම
  • වල් බීජ පැල වීම දුර්වල වීම



කොළ පොහොර යොදන ආකාර

  • පිටතින් කපා ගෙනවිත් ශේත්‍රයට දැමීම
  • වගා බිමෙහි වවා පසට යට
  • දියර පොහොරක් ලෙස යෙදීම



පිටතින් කපා ගෙනවිත් ශේත්‍රයට දැමීම

  • මේ සදහා ග්ලිරිසීඩියා ඉපිල් ඉපිල් කැප්පෙටියා හා ශාක පත්‍ර හා ලපටි කදන් වඩාත් සුදුසු වේ.
  • එම ශාක පසට යට කිරීම සිදු කල යුතු වේ .
  • මෙම ශාක කොටස් වසුන් වශයෙන් ද යෙදිය හැකි නමුත් එහිදී ලබා ගත හැක්කේ අඩු පෝෂක කොටස් ප්‍රමාණයකි


වගා බිමෙහි සිටුවා පසට යට කිරීම

  • අහාර බෝගයක් ලෙස රනිල .
  • අහාර බෝගයක් ලෙස රනිල (උදු , කවුපි , මුං , රට කජු ).
  • ස්නේහ්ම්ප් වගා .



කොළ පොහොරක් ලෙස රනිල බෝග වගාව

  • වී වගාවේදී ප්‍රදාන කන්න දෙක අතරමැද කාලයේ අවමකරමින් මාස තුනක කාලයක් පවතින්නේනම් කවුපි ,මුං , උදු වැනි බෝගයක් වගා කල හැක.
  • එහිදී අතින් වී අස්වනු නෙලන ලද කුබුරු සදහා අස්වනු නෙලූවහාම බීජ ඉසීම .
  • යන්ත්‍ර වලින් අස්වනු නෙලන කුබුරු සදහා රෝටර්ය යොදා බිමසමතලා කරගැනීමෙන් අනතුරුව බීජ ඉසීම .
  • බෝග සිටුවීමෙන් පසු අදික වර්ෂාවෙන් සිදුවන හානි වලක්වා ගැනිම සදහා අඩි 10 -12 පරතරයෙන් කානු යෙදීම .
  • අස්වනු වර 1 - 2 ලබාගත් වහාම බෝගය පසට යට වන සේ සී සෑම .

බෝගය ප්‍රබේදය බීජ අවශ්‍යතාවය (අක්./කි.ග්‍රෑම් )
මුං MI 6 , MI 5, MI 7, MIMB 7 10
උදු MIBG 4 10
මෑ බුෂිට 8
කවුපි ANAKJP 1, ANAKJP 2, වරුණි 10 - 12



කොළ පොහොරක් වශයෙන් සන්හෙම්ප් වගා කිරීම

සප්හෙම්ප් වගාවක්

වියලි ද්‍රව්‍ය (කිලෝ ග්‍රෑම් ) නිට්‍රිගෙන් (කිලෝ ග්‍රෑම් ) පොපරස් (කිලෝ ග්‍රෑම් ) පොටසියම් (කිලෝ ග්‍රෑම් )
3000 54 18 36



ශාක පත්‍ර දියර පොහොරක් ලෙස යෙදීම

  • කොළ පොහොර ලෙස යොදාගත හැකි ඕනෑම කොලවර්ගයකින් මිටක් ගෙන හොදින් කොටන්න.
  • වතුර 1 ක් දමා පල් වීමට දින 14 ක් කාලයක් තබන්න.
  • වාතාශ්‍රය ලබාදීම සදහා සෑම දිනකට වරක්ම මෙම මිශ්‍රණය හොදින් කලවම් කරන්න.
  • දින 14 කට පසු මිශ්‍රණය රෙදි කඩකින් පෙර ගන්න.
  • පෙරා ගත් ද්‍රවනයේ කොටස් එකකට ජලය කොටස් 3 ක් මිශ්‍ර කරන්න.
  • ඉහත මිශ්‍රණය බෝග සදහා සතියකට වරක් බැගින් සවස් කාලයේදී යොදන්න .